විදෙස්

සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් දිවි ගමනට සමුදෙයි

අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු බවයි.

රෙඩ්ෆර්ඩ් ඊයේ (16) අමෙරිකාවේ, යූටා කඳුකරයේ සන්ඩාන්ස් හි ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වනවා.

අමෙරිකාවේ උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ වුණා.

1980 දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර්  සම්මානය 04ක් දිනා ගෙන ඇති.

2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගෙන තිබුණා.

Shares: