අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.
“ගෘහස්ථ ආරවුලක්” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.
පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් කර්නල් ක්‍රිස්ටෝපර් පැරිස් (Christopher Paris) ප්‍රකාශ කර ඇත්තේ වෙඩි තැබූ තුවක්කුකරු ද පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් මහජනතාවට ක්‍රියාකාරී තර්ජනයක් නොමැති බවටයි බලධාරීහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ ෆිලඩෙල්ෆියා සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිරින්, යෝර්ක් ප්‍රාන්තයේ (York County) නෝර්ත් කොඩෝරස් ප්‍රදේශයේ (North Codorus Township) ග්‍රාමීය ප්‍රදේශයකයි.
එමෙන්ම මියගිය නිලධාරීන් තිදෙනාට ගෞරව කිරීම සඳහා ප්‍රාන්තයේ සියලුම ධජ අඩකුඹු කරන ලෙස නියෝග කර තිබෙනවා.











