එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය වෙනුවෙන් සමඟි ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහභාගී වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ පිළිබඳව කියා සිටියේ.
එහිදී තම පක්ෂයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ස්තූතිවන්ත වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය එකට එක්වී තරග කරනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ එම තීරණ ගන්නේ මැතිවරණවලදී බවයි.











