ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තාට ගිනි අවි, උණ්ඩ ලබාදීම සහ, අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල පළමුවන කමාන්ඩෝ බලකායට අනුයුක්ත යුද හමුදා සෙබළෙක්.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලිය ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු, මේ වන විට කෙහෙලබද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුර කුඩු නිලංග යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1හි රඳවාගෙන ප්රශ්න කරමිනුයි සිටින්නේ.
එහිදී උසස් පොලිස් නිලධාරියෙක් ප්රකාශ කළේ ‘කමාන්ඩෝ සලින්ත” නමැත්තාගෙන් කළ ප්රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර යුද හමුදා සෙබළා කොමන්ඩෝ සලින්ත නමැත්තාට ටි 56 උණ්ඩ, 9 එම් එම් වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇතුළු යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදා ගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බවයි.
37 හැවිරිදි සැකකරු දෙමටගොඩ ආරාම පාර ‘සියපත් සෙවණ’ නාරාහේන්පිට, ඇල්විටිගල මාවත, ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.











