ව්‍යාපාරික

iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්

ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max 17 වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමග එය මිලදී ගැනීම සඳහා ඉන්දියාව තුළ දැඩි උද්යෝගයක් හට ගෙන තිබෙනවා.

එරට සියලුම Apple වෙළඳසැල් අද (19) උදෑසන 8.00ට ගැනුම්කරුවන් සඳහා විවෘත කර ඇති අතර එම වෙළෙඳසැල් ඉදිරිපිට පෙර දින සිටම දිගු පෝලිම් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව පෝලිම්වල සිටි ඉන්දීය ජනතාව කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කර ගත නොහැකි මට්ටමකට ද පැමිණ ඇති බවද සඳහන්.

 

Shares: