අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියා සිදුකිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කර ගනිමින්.
එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණා.










