ජාතන්තර සංඥා භාෂා දිනය අදට යෙදි තිබෙනවා.
”සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” යන්න මෙවර එහි තේමාවයි.
එහි සැමරුම් උත්සවය, අද (23) ග්‍රාම සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේ දී පැවැත්වෙනවා.
ඒ අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කර ඇති දත්තවලට අනුව ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70 ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිත කරන සංඥා භාෂා සංඛ්‍යව තුන්සියයකට අධික වනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජාතන්තර සංඥා භාෂා දිනය සැමරුවේ 2018 වර්ෂයේදීයි.











