දේශීය

තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවෙයි

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා ගත් නිවසේ අභිරහස් ලෙස  මියගොස් සිටි පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

අදාල මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය, තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදු කළා.

එහි දී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඊයේ(22) උදෑසන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයාගනු ලැබුවා.

එමෙන්ම අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.

Shares: