දේශීය

සම්පත් මනම්පේරි රිමාන්ඩ්

සම්පත් මනම්පේරි සැප්තැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් තබා ගත්තැයි කියන සිද්ධියට ඔහු පසුගියදා අත්අඩංගුවට ගත්තා.

සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණයට ඉකුත්දා පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුණා.

Shares: