ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද (23) අවසර ලබා දුන්නා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළා.











