වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno මැතිනිය විසින් මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අද (23) අත්සන් කරනු ලැබුවා.











