දේශීය

පොල්ලකින් පහරදී අයෙක් ඝාතනය කෙරේ

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදී ඝාතනයක් සිදුකර තිබෙනවා.

මියගිය පුද්ගලයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කර ඇති අයෙක්.

එහිදී ඔහු හා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ සිදුකර ඇති මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඊයේ (25) දහවල් කාලයේ දී සැකකරු වෙළෙඳසැල තුළදී පොල්ලකින් පහරදීයි ඝාතනය කර ඇත්තේ.

මියගිය පුද්ගලයා අවුරුදු 44ක ඩෙල්මාර්වත්ත, හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

සැකකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: