දේශීය

වෙහෙරගල ජලාශයෙන් මැගසින් තොගයක් හා ආයුධ ගෝනි 2ක් සොයා ගැනේ

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ..

යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදු කෙරුණු විමර්ශනයෙන් මෙම ආයුධ සොයාගෙන තිබෙනවා.

මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර එම උපකරණ වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙතයි භාර දී ඇත්තේ.

පොලිසිය පැවසුවේ මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බවයි.

Shares: