කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදී බවයි වාර්තා වන්නේ.
සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බව සැකකරු එහිදී පවසා ඇති බවද සඳහන්.
තමාට එල්ලවන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් බැර කළ බවත් බැකෝ සමන් පිළිගෙන තිබෙනවා.
එමඟින් කජ්ජාගේ පවුලේ උදවිය සමඟ සබඳතාවක් ඇති කරගැනීමට තමන් උත්සාහ කළ බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොවූ බවද එහිදී බැකෝ සමන් පවසා ඇති අතර ,
කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව සම්පත් මනම්පේරිද විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
ඔහු බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි ලබා දුන්න ද ඒවා ලබාදුන්නේ කජ්ජා ඝාතන කිරීමට බව නොදැන සිටි බව ද සැකකරු පැවසූ බව පොලිසිය සඳහන් කළා.










