දේශීය

පළමු මාස 08ට වරායෙන් ලැබු ලාභය බිලියන 32.2ක්

වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9ක් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලු‍ම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

Shares: