ක්‍රීඩා

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා.

ඒ ඊයේ (09) කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන්.

ටර්ක්මේන්ස්තානයට එරෙහිව ශ්‍රි ලංකාව වාර්තා කළ පළමු පාපන්දු ජයග්‍රහණ්‍ය ලෙසින් ද මෙය වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 6ක් ඉදිරියට ලගා වීමට ශ්‍රි ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

Shares: