දේශීය

සැප්තැම්බරයේ මෙරටට ඩොලර් මිලියන 695ක විදෙස් ප්‍රේෂණ

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකයි මේ බව සඳහන් කර ඇත්තේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බවයි.

ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එය ගිය වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී තිබෙනවා.

තවද සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ලෙස ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන්.

එසේම මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ සංචාරක ආදායම ලෙස වසරේ පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 738.4ක් උපයාගෙන ඇති බවයි.

Shares: