මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන් යානා නාශක අවි උණ්ඩ ඇතුළුව උණ්ඩ 1163 ක් සොයා ගෙන තිබෙනවා.
T 56 ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 116 ක්, මිලිමීටර් 41 වර්ගයේ ගිනි අවි උණ්ඩ 10ක්, මිලිමීටර් 78 වර්ගයේ ගිනි අවි උණ්ඩ 2 ක්, මිලිමීටර් 84.5 වර්ගයේ ගිනි අවි උණ්ඩ 4ක්, GMPG උණ්ඩ 134 ක් සොයා ගෙන ඇති බවයි
පොලීසිය පැවසුවේ.
එමෙන්ම එම මෙහෙයුමේදී ගුවන් යානා නාශක අවි උණ්ඩ 2 ක්ද සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, අදාළ උණ්ඩ තොගය කවුරුන් හෝ විසින් මෙම ස්ථානයේ සඟවා තැබුවා ද යන්න පිළිබඳව සොයා විමර්ශන පොලීසිය ක්‍රියාත්මක බවයි.
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසළ අද දිනයේ ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.











