හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබෙනවා.
එහිදී ඊශ්‍රායල හමුදාවේ සහාය ඇතිව ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම හමාස් සඳුදා උදෑසන ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකුට වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දී තිබුණා.
මේ අනුව අද (13) දිනයේ දී, ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත්වූ අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බවයි මාධ්‍ය වාර්තා දක්වන්නේ.
එසේම මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39 දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.











