විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට ඉල්ලා ඇති බවයි.
ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.











