ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබෙනවා.
මේ සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම තමන්ට සතුටක් වන බවයි.
මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ සඳහන්.
තවද මෙම හමුව තුළින් කලාපයේ සමෘද්ධිය සඳහා වැදගත්කමක්ද සිදුවූ බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සටහන මගින් වැඩිදුරටත් පවසන්නේ.











