හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (20) යෙදී තිබෙනවා.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි දිනය සමරනවා.
ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපවාලි දිනයේ සිදු කරනු ලබනවා.
විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක පූජා පැවැත්වීම දීපවාලි දිනයේ සුවිශේෂ චාරිත්‍රයක්.











