Global Platform For All Sri Lankans

කොළඹ හතේ ඝාතනය ගැන අලුත් කතාවක් එළියට..

 

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

අද (23) අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව, වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී එම මළ සිරුර කුරුඳුවත්ත පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පසුව, ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බව යි.

ත්‍රිරෝද රථය තම මස්සිනාට කූලී ගමන් යෑම සඳහා ලබා දී ඇති බව, එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව, පොලීසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා 33න් හැවිරිදි චමින්ද කුමාර නම් ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

දිවා කාලයේදී ඇලුමීනියම් ආශ්‍රිත රැකියාවක නිරතව ඇති ඔහු රාත්‍රී කාලයේදී කුලී රථ ධාවනය කරන අයෙකු බව පොලීසිය සඳහන් කළා.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවත් සඳහන්.

ඝාතනයට ලක් වූ පුද්ගයාගේ පපුවේ සහ ගෙලෙහි තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල දෙකක් දක්නට ලැබෙන බව ද සඳහන්.

එමෙන්ම ඔහුගේ සිරුර පසුපස අසුන අසළ වැටී තිබීම හේතුවෙන් පොලීසියට සැකයක් මතුව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩියක් කැඩී මාර්ගයේ වැටී තිබෙනුත් දැකගත් හැකිවී තිබෙනවා.

කෙසේවෙතත්, ඝාතනය කළ පුද්ගලයා හා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර,

ඒ අනුව පොලිසිය ප්‍රදේශයේ ඇති CCTV කැමරාද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads