මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (23) සවස සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු, එකම පවුලේ කාන්තාවන් හයක් ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතර තිබෙනවා.
ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලටයි ඇතුළත් කර ඇත්තේ.
එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 74ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම අනතුව සිදුව ඇත්තේ එම වෑන් රථය එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටීමෙනුයි.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරුද තුවාල ලබා වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.











