ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබීයි මෙම බෝට්ටුව පොලිස් භාරයට ගෙන ඇත්තේ.
මෙම බෝට්ටු සපයා ඉෂාරාට ඉන්දියාවට පලා යාම සඳහා මඟ සැලසූ අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාට අයත් අශ්ව බල 400 එන්ජිමකින් යුක්ත එකක්.
එමෙන්ම ආනන්දන් නමැති එම පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහජීව උණ්ඩද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරු පැය 72ක කාලයකට රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ පෙන්වා දීම මත එම ගිනි අවි සහජීව උණ්ඩ ඉෂාරා සෙව්වන් දී ට ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව මෙසේ සොයාගෙන තිබෙනවා.
එහිදී මොහු ඉෂාරා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
ඉෂාරාගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයට බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඉකුත් මැයි මස 8 වෙනි දින ඉන්දියාවට පලායාමට අවශ්‍ය කටයුතු සිදු කර දුන් පුද්ගලයා වන සැකකාර ආනන්දන් නැමැත්තාගේ උපදෙස් මත එසේ විදේශ ගතවන තෙක් එම මස 06 වැනි දින දක්වා කිලිනොච්චිය උදේ නගර් බටහිර නිවසක අත්අඩංගුවට ගත් පෙරුමාල් සත්තකේෂන් නමැත්තා නවාතැන් පහසුකම් සපයා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
එසේම ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගනු ලැබුවේ ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට උපකාර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන ආනන්දන් නමැත්තාට රැදවුම් නියෝග ලබාගැනීමටයි.











