දේශීය

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ලාංකිකයින් 6ක් මුදවා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6ක් මුදවා ගනී..

මියන්මාරයේ සයිබර් අපරාධකරුන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.

එම පිරිස මේ වන විට එරට හමුදා කඳවුරක සිටින බවයි මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයින් 17දෙනෙකුට අධික සංඛ්‍යවක් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට මීට පෙර තොරතුරු ලැබී තිබුණා.

එලෙස සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රාහණයේ පසුවන්නේ සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක්.

මියන්මාරයේ තායිලන්ත දේශසීමාවේ පිහිටා ඇති එම ප්‍රදේශය ගූගල් සිතියමේ හදුන්වා ඇත්තේ සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙසයි.

මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පවතින්නේ ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ වනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සේවයේ යොදවා සිටි අතර ඔවුන් මුදා ගනු ලැබුවේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි.

Shares: