යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත් , වේගයෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් විසින් අණ කර ඇති බවත් ,
එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන් අනතුරට ලක් කර නොනවත්වා ධාවනය කිරීමට උත්සහා දරා ඇති බවත් ,
එහිදී මෙලෙස පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයට වෙඩි තබා තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වනවා.











