දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් 02ක් පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද, සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදියි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත්තේ.

Shares: