දේශීය

රාජකාරියට බාධා කළ කිලිනොච්චියේ 10ක් අල්ලයි

නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

අදාළ නිලධාරීන් පිරිස නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් එම නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත්තේ රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දීයි.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 32ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 26ත් 45ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් අද (03) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: