දේශීය

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් විශාල පිරිසක් මාට්ටු..

විෂ ‍මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ වැටලීම් දහසක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 715ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

 

 
Shares: