තවදුරටත් නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය, ශෙල්‍ය වෙද්‍ය යන අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
විශේෂඥ පුහුණුව සදහා විදේශ ගතවූ ඇතැම් වෛද්‍යවරුන් ආපසු නොපැමිණීම ඊට හේතු වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ.
ඊට අමතරව මෙරට පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් විශේෂඥ වෛද්‍යවරු විදේශ රටවලට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් නියෝජය අමාත්‍යවරයා සඳහන් කළේ කායික රෝග වෛද්‍යවරු පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සිටින බවයි.











