කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග A9 මාර්ගයේ චෙන්මනි හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ජංගම දුරකථනයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් අවුරුදු 18ත් 33ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඔවුන් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අය බවයි.










