දේශීය

රන් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර ‍ගොසිනුයි ඇත්තේ.

වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන්නේ මෙරට රත්‍රං මිල ඊයේ (12) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 310,800ක් ලෙසයි දැක්වුණේ.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 301,500ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 326,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Shares: