ඉදිකිරීම් සේවා සඳහා පැමිණි ශ්රී ලාංකිකයෙකු ඊශ්රායලයේ දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊශ්රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ අප්රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
මෙම පුද්ගලයා මීට මාස දෙකකට පෙර ඊශ්රායලයට පැමිණි අයෙක් බව සඳහන්.
මේ වනවිට ඊශ්රායල පොලිසියේ ඉන්ටෙර්පෝල් ශාඛාව මගින් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එරට ශ්රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.











