දේශීය

ගොඩ ගැසී ඇති තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර තිබෙනවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරියේදී එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමටයි.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කිරීමට පියවර ගෙන ඇති ඇති අතර මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට, අනුරාධපුර යන දිස්ත්‍රික්ක කාර්යාලවලද රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන අතර ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කරනු ඇති.

Shares: