ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38% බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි මේ බව කියාසිටියේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු හැටියට ගන්නවද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
“අන්තර්ජාලය භාවිතාකරනවානම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක් Broadbandවලට එන්නේ 20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – අපි හිතමු තරුණියක් සහ තරුණයෙක් ඩේටාවලින්නේ කතා කරන්නේ. එහෙම කතාකරන්න 100ක් දැම්මොත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ – “ඒකෙන් 20.4%ක් අඩුවෙනවා. රුපියල් 100යෙන්.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – එතකොට මට රුපියල් 80ක් පාවිච්චි කරන්න පුළුවන්? අර කලින් කියපු 38.4ක බද්ද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ – “ඒ ඩේටා නැතුව නිකන් පාවිව්චි කරනවානම් 38.4ක බද්ද අය වෙනවා.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – ඩේටයි, වොයිසුයි දෙකමනේ භාවිත කරන්නේ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ – “ඒක හරි එතකොට බදු එකතු කිරීමේදී ඩේටාවලට Effective Tax එක 20.3යි වොයිස්වලට 38.4යි.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නෑ. මම අහන්නේ මේක Prepaid නේ… මම රුපියල් 100ක් දානවා මම කෝලුත්කරනවා, වට්ස්ඇප්වලිනුත් ගන්නවා. එතකොට රුපියල් 100ක් දැම්මොත් එකෙන් මට කීයක් ද පාවිච්චි කරන්න පුළුවන්ද ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ – “ඒක ඔබ පාවිව්කරන ස්වභාවය අනුව.”
ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි දුරකථන සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පාසල් ළමුන් දුෂ්කරතාවට පත්ව සිටින බව එහිදී නිමල් පලිහේන මන්ත්‍රීවරයා කාරක සභාවේ අවධානය යොමු කළා.











