දේශීය

ඇසිඩ් ප්‍රහාරයකින් මව ජීවිතක්ෂයට – පුතා රෝහලේ

අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවටයි පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණේ.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු එම මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එහිදී 40 හැවිරිදි කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: