දකුණ මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බවයි.
ඔහු පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක්.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ අනුව එම යාත්රවේ තිබී ඇත්තේ මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක්.
මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.











