පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.
කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කලපුවේ ගිලීගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.
කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.











