හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.
පසුගිය නොවැම්බර් 21 වනදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර ඔහු සතුව මෙම ගිනි අවිය තිබූ බවට වීඩියෝ දර්ශන සහ ඡායාරූප පල වූවා.











