දේශීය

කලපුවක ගිලී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනය, පන්නෙයි ප්‍රදේශයේදී කලපුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පුද්ගලයින් සිව්දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් සහ 20ක් වයසැති තරුණයින් දෙදෙනෙක්.

ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව දියේ ගිලුණු පිරිස ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර පොලීසිය ප්‍රකාශ කළේ ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු මියගොස් සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Shares: