දේශීය

ආපදාවට පත් ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින්න – ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ

ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

මෙම ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත්, ඒ හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත්තේ.

එමෙන්ම ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසද ඔහු සඳහන් කර සිටිනවා.

එසේම අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ අධික වර්ෂාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසයි.

රතු නිවේදනයක් ලබා දී ඇති සෑම මොහොතකම වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසයි ඔහු ජනතාව වෙත දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් පැමිණ ඇති සහන කණ්ඩායම් සිදු කරන මෙහෙය අගය කළ ඒ මහතා ඔවුන් වෙත සිය කෘතඥතාවය ද පළ කරනු ලැබුවා.

මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සහන ලබාදීමේ දී දිස්ත්‍රික් ලේකම් හරහා නිසි ක්‍රමවේදයකට අනුව එම ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන ලෙසයි.

Shares: