දේශීය

ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගයේ අස්ථාවරත්වය පාලනය කිරීමට නිර්දේශ මාලාවක්

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පවතින අවදානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් වූ නිර්දේශ 6ක්, එම සංවිධානය විසින් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

තවද මෙම ස්ථානය රාත්‍රි කාලයේදී ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය ‍යොමු කිරීම අනිවාර්ය බවත් එම ලිපිය මගින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා.

Shares: