මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අදාළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ මහකිරින්දේගම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 53 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසුවා.
මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











