දිවයින පුරා පිහිටි ගංගා ද්‍රෝණි 21ක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අවදානම අද (10) පස්වරු 2:00 සිට ඉවත් කර තිබෙනවා.
ඒ අනුව මහඔය ද්‍රෝණිය, ගල් ඔය, දැදුරු ඔය, හැඩ ඔය, මහවැලි ගඟ, මුන්දෙනි ආරු, මහවැලි ගඟ (බදුලු ඔය උප ද්‍රෝණිය),මාදුරු ඔය, කළු ගඟ, යාන් ඔය, කළු ගඟ (කුඩා ගඟ උප ද්‍රෝණිය), මා ඔය, ගිං ගඟ, කලා ඔය, කැළණි ගඟ, මල්වතු ඔය, නිල්වලා ගඟ, මී ඔය, මැණික් ගඟ, අත්තනගලු ඔය, කුඹුක්කන් ඔය සඳහායි පනවා තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත්තේ.
ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ගංගා ද්‍රෝණිවල ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.











