ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එය නම් කර ඇත්තේ ‘ප්‍රතිෂ්ඨා’ නමින්.
පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ.
ලේකම්වරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
එහිදී 1988 දුරකථන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි වනවා.
07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි නාලක කළුවැව මහතා පැවසුවේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති.
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අතර ඉන් වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේ වනවා.
එම සංඛ්‍යාව 330 ක්.
එමෙන්ම බස්නාහිර පළාත් පාසල් 266 කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව ඇති.
නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221ක්.
තවද වයඹ පළාතේද පාසල් 136ක් සහ ඌව පළාතේද පාසල් 129කට හානි සිදුව ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.










