Global Platform For All Sri Lankans

Lanka Hit News

කොළඹ වෙළෙඳසැල් රැසක් පාරිභෝගික අධිකාරියේ පරික්ෂාවට

 

මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු, මස් ඇතුළු විවිධ ආහාර ගබඩා කර තිබූ කොළඹ නගරයේ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරුණා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග විනාශ කිරීමටත් අදාළ වෙළෙඳසැල් හිමියන්ට අවවාද කිරීමටත් ඔවුන් කටයුතු කර තිබුණා.

උත්සව සමයේ තෑගි බෝග ඇතුළු නිවෙස්වලට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් මේ දිනවල සාප්පු සවාරියේ නිරත වනු දැක ගත හැකියි.

එහිදී ඔවුන් මහා මාර්ගය දෙපස තිබෙන වෙළෙඳසැල්වලින් ආහාර පාන ලබා ගැනීම සුලබ දසුනක්.

නමුත් කූඨ වෙළෙඳුන් පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට අලෙවි කිරීමට මෙම තත්ත්වය යොදා ගන්නවා.

එවන් පසුබිමක කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස පරිභෝජනයට නුසුදුසු ආහාර කූඨ ලෙස අලෙවි කරන වෙළෙඳුන් සොයා කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් ක්‍රියාත්මක කළා.

එහිදී පරිභෝජනයට නුසුදුසු පලතුරු, රස කැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග අලෙවි කිරීම සඳහා තබා තිබූ වෙළෙඳුන්ට අවවාද කිරීම සහ අදාළ ආහාර වර්ග විනාශ කිරීමද සිදු කෙරුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

අරමුදල අවභාවිත කළ තවත් අයගේ නම් ඉදිරියේ දී එළියට

  ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads