ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම මිය ගිය පිරිස අතර නාවික හමුදා සෙබලෙකු ද සිටින බව කියයි.
කෙසේ නමුත් යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙන බව සඳහන්.
ඉන්දියාවේ මුම්බායිහි වෙරළට ඔබ්බෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදු වීමට පෙර මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාවේ 05දෙනෙකු සිට තිබෙනවා.
වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Post Views: 39