Global Platform For All Sri Lankans

Update 5: වෙඩික්කරුවෝ කාර් එක අතහැර වෑන් එකින් පළා යති

club-wasantha-updates

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ.
අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමෙන් 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ගායන ශිල්පී කේ.සුජීවා  ක්ලබ් වසන්තගේ බිරිය ඇතුළු සිව් දෙනකු රෝහල් ගත කර තිබේ.

ගායන ශිල්පී කේ සුජීවාට අයත් ටැටූ සැලොනය මෙදින විවෘත කළ බවත් ඒ සඳහා ක්ලබ් වසන්තට ආරාධනය කර තිබූ බවත් වාර්තාවේ. ඇය සහ තවත් පිරිමි පුද්ගලයෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලැබූ අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.වෙඩි තැබීමෙන් තුවාල ලද ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනා බවද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, අද දවල් අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි ටැටූ ස්ටුඩීයෝවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිසකට වෙඩි තැබීම සඳහා මෝටර් රථයකින් පැමිණි ටී 56 ගිනි අවි සහිත තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවයි.

විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයන් අතර ක්ලබ් වසන්ත හා බිරිය සහ කේ.සුජීව ද සිටි බව අනාවරණය විය.

සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් වාහනය සිද්ධිය වූ විගස කඩුවෙල ප්‍රදේශයේදී පොලිසිය සොයා ගත්තේය.
තුවක්කුකරුවන් මෝටර් රථය අතහැර එම ස්ථානයෙන් වෑන් රථයකින් පලාගොස් ඇති බවට සීසීටීවී දර්ශන ඔස්සේ තහවුරු කරගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads