Global Platform For All Sri Lankans

රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහක් අද (8) හා හෙට (9) ලෙඩ වෙති

government-service-sick-leaves

 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද (08දා) සහ හෙට (09දා) අසනීප නිවාඩු වාර්තාකර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

විධායක සේවාවල නිලධාරීන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල නිරත රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් ලබා ගැනීමට අද (08දා) සහ හෙට (09දා) සේවයෙන් ඉවත් වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.මෙම ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට අධික පිරිසක් සම්බන්ධ වන බවත්, මීට සමගාමීව අද (08දා) සහ හෙට (09දා) විරෝධතා 26ක් පැවැත්වීමටත් කටයුතු කරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාර් සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මෙ අනුව වැඩවර්ජනයේ නිරත ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සේවය කරන රාජ්‍ය නිලධාර්න් අද (08දා) රාජ්‍ය පරිපාල අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, හෙට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපර පවත්වන බවද පැවසීය.රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් විසිහතර දහසක් බවත්පවතින ආර්ථික අර්බුදය නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

පවතින ආර්ථික දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් විධායක සේවාවල පිරිස් සඳහා මේ මස 01වැනි දින සිට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට පසුගිය 26වැනි දින ආණ්ඩුව තීන්දුවක් ගත් බවත්, මේ අනුව ප්‍රාථමික ද්විතීයික සේවාල පිරිස්වලට අදාළ දීමනාව ලබා දෙන ලෙසට බලධාන්ගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පැවසීය.එහෙත් එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොමැති නිසා අද (08දා) සහ හෙට(09දා) ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවය කරන ලක්ෂ පහකට අධික පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවත්, මෙම ක්‍රියාමාර්ගවලට අනුවත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී විරෝධතා සතියක් නම් කර ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා තම සන්ධානයට අයත් වෘත්තීය සමිති දෙසිය පහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින බවත් පවතින ආර්ථික අර්බුදය නිසා වැඩියෙන්ම දුෂ්කරතාවන්ට පත්ව සිටින්නේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවය කරන පිරිස් බවද කියා සිටියේය. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (08දා) හෙට (09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා හෙට (09දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.වැටුප් විෂමතා විසඳීම යටතේ ගුරු විදුහල්පතිවරුන්ට හිමි විය යුතු තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදු කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශස් ස්ටාලින් මහතා සඳහන් කළේය.මීට අමතරව රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් හෙට (09දා) දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල මුරකරුවන් රාජකාරී සිදුකරන බවත්, දහවල් කාලයේදී මුරකරුවන් සේවයෙන් ඉවත් වන බවත් පාසල් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදීත් සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බවද පවසා සිටියේය.මීට අමතරව පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයේ මූලික වැටුප රුපියල් විසිදහසකින් වැඩි කළ යුතු බවත් අදාළ ඉල්ලීම් මුල් කර ගනිමින් තම වෘත්තීය සමිති සන්ධානයට අයත් පිරිස් අද (08දා) සහ හෙට (09දා) අසනීප නිවාඩු වාර්තා කරන බවද රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

මහ බැංකු සේවකයන්ගේ සිට විධායක නිලධාරීර්න් දක්වා වැටුප් හා දීමනා වැඩිකර තිබෙන බවත් රාජ්‍ය සේවයේ පහළ සේවා සඳහා කිසිදු වැටුප් හෝ දීමනාවක් වැඩි කිරීමට කටයුතු කර නොමැති බවද පැවසීය.මේ අනුව මූලික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා අද සහ හෙට තම සන්ධානය අයත් සංවර්ධන නිලධාර්, කාර්යාල කාර්ය සහායක සේවාවේ පිර්ස් රජයේ රියදුරු සේවාවේ පිරිස් තැපැල් සේවකයන්, ග්‍රාම නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, නිලධාරී, සමෘද්ධි නිලධාර්, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාර් සේවයෙන් ඉවත් වන බවද සඳහන් කළේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (08දා) හෙට (09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.මීට අමතරව රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් හෙට (09දා) දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads